පාකිස්ථානය
පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය
Islāmī Jumhūrī-ye Pākistān
|
||||||
---|---|---|---|---|---|---|
|
||||||
'උද්යෝග පාඨය: 'اتحاد، تنظيم، يقين مُحکم Ittehad, Tanzeem, Yaqeen-e-Muhkam (Urdu) "Unity, Discipline and Faith" |
||||||
ජාතික ගීය: "Qaumī Tarāna" |
||||||
අගනුවර | ඉස්ලාමාබාද් 33°40′N 73°10′E / 33.667°N 73.167°E |
|||||
විශාලතම නගරය | කරච්චිය | |||||
නිල භාෂාව(න්) | උර්දු (ජාතික) ඉංග්‍රීසි |
|||||
ප්‍රාදේශීය භාෂා | පංජාබි, පෂ්ටෝ, සින්ධි, සෙරයිකි and බලොචි | |||||
ජාති නාමය | පකිස්තානු | |||||
රජය | ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජය | |||||
- | Founder | මොහොමඩ් අලි ජින්නා | ||||
- | ජනාධිපති | මම්නූන් හුසේන් (PPP) | ||||
- | අගමැති | නවාස් ෂෙරීෆ් (PPP) | ||||
- | අග විනිසුරු | Iftikhar Chaudhry | ||||
- | Chair of Senate | Farooq Naek (PPP) | ||||
- | House Speaker | Fahmida Mirza (PPP) | ||||
ව්‍යවස්ථාදායකය | Majlis-e-Shoora | |||||
- | උත්තර මන්ත්‍රී මණ්ඩලය | Senate | ||||
- | පහළ මන්ත්‍රී මණ්ඩලය | National Assembly | ||||
Formation | ||||||
- | Pakistan Resolution | 23 March 1940 | ||||
- | Independence | from the United Kingdom | ||||
- | Declared | 14 August 1947 | ||||
- | Islamic republic | 23 March 1956 | ||||
වර්ග ප්‍රමාණය | ||||||
- | සම්පූර්ණ | 796,095 කිමී2 (36th) 307,374 සතරැස් සැත |
||||
- | ජලය (%) | 3.1 | ||||
ජනගහණය | ||||||
- | 1998 ජන සංගණනය | 132,352,279[1] | ||||
GDP (PPP) | 2010 ඇස්තමේන්තුව | |||||
- | සම්පූර්ණ | $451.972 billion[2] | ||||
- | ඒක පුද්ගල | $2,713[2] | ||||
GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
- | සම්පූර්ණ | $177.901 billion[2] | ||||
- | ඒක පුද්ගල | $1,067[2] | ||||
Gini (2005) | 31.2 මධ්‍යම |
|||||
HDI (2007) | ▲ 0.572[3] bug දෝෂය: අනීතික HDI අගය · 141st |
|||||
ව්‍යවහාර මුදල | පාකිස්ථාන රුපියල් (Rs.) (PKR ) |
|||||
වේලා කලාපය | PST (UTC+5) | |||||
- | ගිම්හාන (DST) | PDT (UTC+6) | ||||
රිය පදවන්නේ | left[4] | |||||
අන්තර්ජාල TLD | .pk | |||||
ඇමතුම් කේතය | 92 |
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.
පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
- ↑ Area, Population, Density and Urban/Rural Proportion by Administrative Units. Population Census Organization, Government of Pakistan. Retrieved 2008-02-13.
- ↑ 2.0 2.1 2.2 2.3 Pakistan. International Monetary Fund. Retrieved 2010-04-21.
- ↑ Human Development Report 2009. Human development index trends: Table G (PDF). The United Nations. Retrieved 2009-10-05.
- ↑ Loureiro, Miguel (28 July 2005). "Driving — the good, the bad and the ugly". Daily Times (Pakistan). Archived from the original on 30 May 2012. https://archive.is/3TqH. ප්‍රතිෂ්ඨාපනය 10 January 2010.