භාරත ජනරජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(භාරත් ජනරජය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
भारत गणराज्य (භාරත ජනරජය)
භාරත් ජන්රජ්
උද්යෝග පාඨය: "Satyameva Jayate" (සංස්කෘත)
सत्यमेव जयते  (Devanāgarī)
"Truth Alone Triumphs"[1]
ජාතික ගීය: "ජන ගන මන"

ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
අගනුවර නව දිල්ලිය
28°34′N 77°12′E / 28.567°N 77.200°E / 28.567; 77.200
විශාලතම නගරය මුම්බායි
නිල භාෂාව(න්) හින්දි, ඉංග්‍රීසි
ජාති නාමය ඉන්දියානු
රජය ෆෙඩරල් ව්‍යවස්ථාමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
 -  රාජ්‍ය නායක ජනාධිපති
 -  මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධානී අගමැති
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
නිදහස බ්‍රිතාන්‍යයෙන් 
 -  ප්‍රකාශ කළේ 1947 අගෝස්තු 15 දින 
 -  ජනරජයක් බවට පත්වුණේ 1950 ජනවාරි 26 දින 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 3,287,240 කිමී2 (7 වැනියා)
1,269,210 සතරැස් සැත 
 -  ජලය (%) 9.56
ජනගහණය
 -  2015 ඇස්තමේන්තුව සැකිල්ල:IndiaPopCommas[2] (2 වැනියා)
 -  2001 ජන සංගණනය 1,028,610,328[3] 
GDP (PPP) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $3.526 trillion[4] (4 වැනියා)
 -  ඒක පුද්ගල $2,941[4] (128th)
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $1.235 trillion[4] (11 වැනියා)
 -  ඒක පුද්ගල $1,031[4] (139 වැනියා)
Gini (2004) 36.8[5]
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
HDI (2007) 0.612[6]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා
ව්‍යවහාර මුදල ඉන්දියානු රුපියල් (Indian Rupee symbol.svg) (INR)
වේලා කලාපය IST (UTC+5:30)
 -  ගිම්හාන (DST) not observed (UTC+5:30)
දින ආකෘති dd-mm-yyyy (ක්‍රි.ව.)
රිය පදවන්නේ වම
අන්තර්ජාල TLD .in
ඇමතුම් කේතය 91


ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයිති අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.

ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව,[7] නිරක්ෂරතාව,[8] දූෂණය,[9] රෝග[10] සහ මන්දපෝෂණය[11] වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක්[12][13] සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.

National symbols of the Republic of India (Official)
National animal 2005-bandipur-tusker.jpg
National bird Pavo muticus (Tierpark Berlin) - 1017-899-(118).jpg
National tree Banyan tree on the banks of Khadakwasla Dam.jpg
National flower Sacred lotus Nelumbo nucifera.jpg
National heritage animal Panthera tigris.jpg
National aquatic marine mammal PlatanistaHardwicke.jpg
National reptile King-Cobra.jpg
National heritage mammal Hanuman Langur.jpg
National fruit An Unripe Mango Of Ratnagiri (India).JPG
National temple New Delhi Temple.jpg
National river River Ganges.JPG
National mountain Nanda Devi 2006.JPG

ප්‍රාන්ත (States):

  1. ආන්ධ්‍ර ප්‍රදේශ්
  2. අරුණාචල් ප්‍රදේශ්
  3. අසමය
  4. බිහාර්
  5. ඡත්තීස්ගඪ්
  6. ගෝව
  7. ගුජරාතය
  8. හරියාණා
  9. හිමාචල් ප්‍රදේශ්
  10. ජම්මු හා කාශ්මීරය
  11. ඣාර්ඛණ්ඩ්
  12. කර්ණාටක
  13. කේරළය
  14. මධ්‍ය ප්‍රදේශ්
  15. මහාරාෂ්ට්‍ර
  16. මණිපුර
  17. මේඝාලය
  18. මිසෝරාම්
  19. නාගලන්තය
  20. ඕඩිසා
  21. පන්ජාබය
  22. රාජස්ථාන්
  23. සික්කිම්
  24. තමිල්නාඩුව
  25. ත්‍රිපුරා
  26. උත්තර් ප්‍රදේශ්
  27. උත්තරාඛණ්ඩ්
  28. බටහිර බෙංගාලය

මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories):

  1. අන්දමන් හා නිකොබාර් දූපත්
  2. චණ්ඩීගඪ්
  3. දාද්‍රා සහ නගර් හවේලී
  4. දමණ් හා දීව්
  5. ලක්ෂද්වීප්
  6. දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
  7. පොන්ඩිචෙරි

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. State Emblem -Inscription. National Informatics Centre(NIC). Retrieved 2007-06-17. 
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; pop නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. India at a glance: Population. Census of India, 2001 (Government of India). Retrieved 25 April 2009. 
  4. 4.0 4.1 4.2 4.3 India. International Monetary Fund. Retrieved 21 April 2010. 
  5. Field Listing — Distribution of family income — Gini index. The World Factbook (CIA). 15 May 2008. Retrieved 6 June 2008. 
  6. Human Development Report 2009. Human development index trends: Table G (PDF). The United Nations. Retrieved 5 October 2009. 
  7. Poverty estimates for 2004–05, Planning commission, Government of India, March 2007. Accessed: 25 August 2007.
  8. "India has the largest number of illiterates in the world". Rediff. 21 November 2007. http://www.rediff.com/news/2007/nov/20illi.htm. ප්‍රතිෂ්ඨාපනය 27 November 2009 
  9. India ranked 84th in corruption index. Business-Standard. November 18, 2009.
  10. Healthcare in India (PDF). Boston Analytics. Archived from the original (PDF) on 2009-02-26. 
  11. World Bank Report. Source: The World Bank (2009). Retrieved 13 March 2009. World Bank Report on Malnutrition in India 
  12. UNIDO releases latest International Yearbook of Industrial Statistics. Ministry of Commerce of China. March 2010. Retrieved 31 July 2010. 
  13. Mauro F. Guillén (2003). "Multinationals, Ideology, and Organized Labor". The Limits of Convergence. Princeton University Press. pp. 126 (Table 5.1). ISBN 0-69-111633-4. 
"https://si.wikipedia.org/w/index.php?title=භාරත_ජනරජය&oldid=337299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි