ප්‍රාග් ඓතිහාසික යුගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර බිලියන 3.8 කට ප්‍රථම ජිවය ඇති වු මුල්ම යුගවලදී සිට ලිඛිත වාර්තා පවත්වා ගත් (ක්‍රි.පු. 3500 වැනි) යුගය දක්වා වු අතීත කාලසීමාවයි.


පරිණාමයේ අවධි වලදී අළුත් ජීවි ආකාර වර්ධනය වු අතර ඩයිනෝසෝරයන් වැනි ජිවී විශේෂ වදවී යාමට ලක්වුණි.

ප්‍රාග් ඓතිහාසික යුගය වසර ගණනා‍වක් මුළුල්ලේ ජීවය සාගර තුල සරල බැක්ටීරියාවන්ගේ සිට ඇල් ගී සහ ප්‍රෝටොසෝවාවන් දක්වා ද අවසානයේදී දීළිර, භෞමික ශාක, පණුවර්ග, මොලොස්කාවන්, ක්‍රස්ටිසියාවන්, කෘමීන් සහ පෘෂ්ඨ වංශකයින් වැනි සංකිර්ණ බහු සෛලික ජීවින් බවට පත්වුණි.

භූ විද්‍යාත්මක ආකාරයට ගත් කල මානවයින් පරිණාමය වුයේ වඩා මෑතකදී වන අතර එය වසර මිලියන 2.5 කට ඉහතදී වේ.

ඉතාමත් සුළු ප්‍රමාණයක ප්‍රාග්ඓතිහාසික යුගවලදී ජීවත් වු ජීවි විශේෂ ද අද වන තුරුම වෙනස් නොවී පවතී. ඔවුන් වසර මිලියන ගණනකට පසුව ජීව මාන පොසිල බවට පත් වී ඇත. මෝරුන් වැනි සමහර අනෙකුත් සත්ත්වයින්ද ඉතා කුඩා වශයෙන් වෙනස් වීම් වලට ලක්ව අ‍ැති අතර එය ද සිදු වී ඇත්තේ වසර මිලියනයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේය.

කෙසේ නමුත් 99% කටත් වැඩි ප්‍රමාණයක් වු ජීවි විශේෂ ප්‍රමාණයක් වඳවී යාමට ලක්ව ඇති අතර ඔවුන් පැවති බවට ඇති එකම සාක්ෂි වනුයේ පාෂාණ මත ඔවුන් තබා ගිය සලකුනු හෝ වෙනත් පොසිල වර්ගයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාග්_ඓතිහාසික_යුගය&oldid=265008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි