ජගත් ජයසූරිය ගැන කළ ප්‍රකාශයට
සරත් ෆොන්සේකා සමාව ගත යුතුයි

කරුණා අම්මාන්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඔහු මුළු මහත් රටේම ජනතාවගෙන් සමාව අයෑදිය යුතු බව එක්‌සත් දෙමළ නිදහස්‌ පෙරමුණේ නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා "දිවයින"ට පැවැසීය.

ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් රටටත්, යුද හමුදාවටත් විශාල අපකීර්තියක්‌ මෙන්ම කැළලක්‌ සිදුවී ඇතැයිද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.