ෆ්‍රෙඩී මිය ගොස් දස වසරයි

සිංහල සිනමාවේ විකට නළුවන් අතර , අතිශය ජනප්‍රිය වූ ෆෙ‍්‍රඩී සිල්වා අප අතරින් වෙන්ව ගොස් මේ 29 වැනිදාට දස වසරක් සපිරෙනවා. 1938 වසරේ ඉපදුනු ෆෙ‍්‍රඩී මිය ගියේ 2001 වසෙර්ය. විකට නළුවෙකු මෙන්ම ගායකයෙකු ලෙස ද ෆෙ‍්‍රඩී සිංහල සිනමාවේ ඉහළම තැනක උන්නේය.

ඇතැම් චිත්‍රපට පැල් බැඳගෙන දිව්වේ ෆෙ‍්‍රඩී සිල්වාට පින් සිද්ධ වන්නටය.

ෆෙ‍්‍රඩී කලා ලොවට එක් වනුයේ ගායකයෙකු හැටියටය. සාදයක ඔහුගේ ගායනය බලා සිටි එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල එයින් කෙතරම් වසඟයට පත් වූවා ද යත්, එසැණින්ම ලියුමක් ලියා ෆෙ‍්‍රඩී අත තැබුවේ ගුවන් විදුලියට ගොස් ගීත ගයන්න ඉඩ හසර ලබා දෙමිනි.

තමා ගැයූ මුල්ම ගීයෙන්ම අතිශයෙන්ම ජනප්‍රිය වූ ෆෙ‍්‍රඩී සිනමාවට එක් වූයේ සුහද සොහොයුරෝ චිත්‍රපටයේ රඟපාමිනි.

දියරැල්ල වෙරළේ හැපි හැපී ගීතයට ඔහු රඟපෑමෙන් මෙන්ම ගායනයෙන් ද දායක විය. ජනප්‍රිිය විකට නළු එල්. එම්. පෙරේරා පසුබිම් ගායනා කළ අවස්ථා දෙකක් හැරුණු කොට සෙසු සෑම අවස්ථාවකම ෆෙ‍්‍රඩීගේ ගායනා වෙනුවෙන් පෙනී සිටියේද ඔහුමය. ළසඳා චිත්‍රපටයේ පමණක් ෆෙ‍්‍රඩී වෙනුවෙන් ජෝතිපාල ගී ගැයුවේය.

චිත්‍රපටයක තිරනාටක පිටපත පැත්තකට දමා ක්ෂණයකින් හාස්‍ය උපද වන්නට ෆ්‍රෙඩීට තිබුණේ දුර්ලබ හැකියාවකි.

විකට ගී ගායනයේදී ඔහු ගීත කලාවේ අලුත් පෙරැළියක් කළේ බොරු කකුල් කාරයෝ, ගිනි බෝල බෝල, අලුත් කලාවක් වැනි උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දෙමිනි.

මේ ගී රචනා කිරීමේදී ෆෙ‍්‍රඩී සමඟ දායක වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ෆෙ‍්‍රඩී සිංහල සිනමාවට දායක විය.

ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් ඒ අවදියේදී මළ ගෙදරකට හෝ ලෙඩෙකු බැලීමට රෝහලකට යෑමට ෆෙ‍්‍රඩී පසුබෑවේ රසිකයන් ඔහු වට කර ගත් හෙයිනි.

ඒ නිසාම ජනප්‍රිය නළුවා ලෙස ඔහු සරසවිය සම්මාන උළෙලේ අභිෂේක ලැබුවේය. සිනමාවට ඔහුගේ කැපවීම වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ දී රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

ලව් ඉන් බැංකොක්

දේදුන්නෙන් සමනලියක්

ආසයි බයයි

අරුන්දතී ගී කුසුම සමඟ එන සිංහල ගුරුවරයා සමරවික්‍රම හේරත්

හොඳින් තලා ගත් බෝතල් මූඩි කිහිපයක් එකට අමුණා ගත් සාරවිට වෙළෙන්දා තමන් වෙත අවධානය දිනා ගන්නට හඬක් නගනු ඔබ අසා ඇති. රත් වුණු තැටිය මත රොටියක් කොටන කොත්තු රොටී කාරයත් තමන්ගේ මහන්සිය කාන්සිය නිවා ගන්නටත්, තමන් වෙත අවධානය දිනා ගන්නටත් තැටියට කොටන රිද්මයත් ඔබ අසා ඇති.

එහෙත් එයට ඔබ කිසි විටෙකත් සංගීතය යැයි කියන්නට නම් නැතිව ඇති. අවර ගණයේ සංගීතයට කොත්තු රොටී සංගීතය යැයි නම් පබැඳුණේ ද සංගිතය හා කන් කරච්චලය අතර පැහැදිලි වෙනසක් ඇති හෙයිනි.

මේ වෙනස මැනවින් හඳුනා ගත් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සිංහල ආචාර්ය, සංගීත විශාරද සමරවික්‍රම හේරත් ‘අරුන්දතී ගී කුසුම’ නම් ගීතමය සංයුක්ත තැටිය රසිකයන් වෙත තිළිණ කරයි.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ හරවත් යමක් කර ඇති ඒ නිසාම ප්‍රේක්ෂක, රසික, විචාරක පාර්ශ්වයන්ගේ නොමඳ පැසසුමට ලක්ව සිටින, රෝහණ වීරසිංහ, කෝලිතභානු දිසානායක, නවරත්න ගමගේ, ඉන්දිකා උපමාලි, සුනිල් ආර්. ගමගේ, කපිල කුමාර කාලිංග, නිලාර් එන්. කාසිම්, ශාන්ත ජයලත් තිසේරා ඇතුළු සුවිශේෂ නිර්මාණකරුවන්ගේ දායකත්වය ද ඇතිව සමරවික්‍රම හේරත් නිර්මාණය කළ ගීත සමුච්චය මඟින් රසික ප්‍රජාව වෙත ගීතයෙත්, සංගීතයෙත් රසය ලබා දෙන්නේ හරවත් පදමාලා ඔස්සේ හිතන්නට ද යමක් ඉතිරි කරමිනි.

සංගීතයේ හෝ ගීතයේ නාමයෙන් හසරක් නොදැන අයාලයේ යාම වෙනුවට, සමරවික්‍රම තමන් උගත් ශිල්පයත් සහජ ගායන හැකියාවන් නිසි මඟ යොමු කරලන්නට සමත්ව ඇති වගට ඔහුගේ ‘අරුන්දතී ගී කුසුම’ සාක්ෂි සපයයි.

කර්ණ කඨෝර සංගීතයට අප්‍රිය රසිකයනට නවමු සංගීත අත්දැකීමක් විඳ ගන්නටත්, ලාංකේය සංගීත කෙත සාරවත් කරන්නටත් ‘අරුන්දතී ගී කුසුමටත්’ සමරවික්‍රමටත් හැකි වනු ඇතැයි එකී ගීත එකතුව රස විඳි මට සිතේ. ඒ සඳහා ඔහුගේ කැපවීම හා යොමු වීම අගය කළ යුතුය.


හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය නවකතාකරු හේමරත්න ලියනආරච්චි 23 දා අභාවප්‍රාප්ත විය. මිය යන විට හැත්තෑ තුන් වියෙහි පසු වූ ඒ මහතා පැණිදෙණිය ඉංග්‍රීසි ගුරු විදුහලේ හිටපු විදුහල්පතිවරයකු ද වේ.

පාදඩයකුගෙන්, අන්තිම දා, මම රාත්‍රිය වෙමි ඔහු විසින් රචිත නවකතා කිහිපයකි. ඔහුගේ අවසන් කටයුතු ඉකුත් දා රත්නපුරේදී සිදු විය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ