තරුවක් වෙලා සමාජයට එළියක් වෙන මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක්

  👤  944 readers have read this article !
Published by : MB WEB 2018-12-12 10:44:05

මිෂෙල් දිල්හාරා කියන්නේ දැන් නව පරපුරේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පුංචි කාලයක් ඇතුළත ක්ෂේත්‍රයේ බොහෝ ඉසව්වලට ගමන් කර තිබෙනවා. ඇයගේ නම සම්බන්ධ වෙන්නෙත් අපූරු දේවල්වලට. රංගනයෙන් උපයන මුදලින් ඇය සමාජ සේවා වැඩකටයුතු බොහොමයක් මේ වෙනකොට සිදුකර තිබෙනවා. ඇය ළමා නිවාස ගණනාවක ස්වේච්ඡා ගුරුවරියක් ලෙසත් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරනවා. රංගන තරුවක් වෙලා බොහෝ දෙනෙක්ට ආලෝකයක් උදා කරන ඇයට ළඟදී සම්මානනිය ඇගයුමක් හිමි වුණා. ඒ ගැන වගේම කලා කටයුතු ගැනත් ඇය හදගැස්මට කිව්වේ මෙහෙම කතාවක්.

මිෂෙල්ට විශේෂ ඇගයීමක් ලැබුණා කියලා ආරංචියි?

ඔව්. මට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණා. මෙවර දකුණු ආසියානු තරුණ සමුළුවේදී ඒඵඪච ධ්දඵනඪපචබඪධද ඒඹචපඤ සම්මානය තමයි මට හිමි වුණේ. මේ උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණා. මේ වගේ ඇගැයීමකට මාව පාත්‍ර කිරීම ගැන ඒ සමුළුවේ සභාපති කේ.කේ. සිංග් මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා.

මේ සම්මානය වෙනුවෙන් මිෂෙල්වම තෝරා ගන්න විශේෂත්වයක් තියෙන්න ඇති?

මෙවර දකුණු ආසියානු තරුණ සමුළුව රටවල් අසූවකට වැඩි සංඛ්‍යාවක හාරසිය පනහකට අධික පිරිසක් නියෝජනය කළා. අපි කරන සමාජසේවා වැඩවලින් යම් පිරිසකට දිරිගැන්වීමක් වුණොත් තමයි මේ සම්මානය ලබා දෙන්නේ. මම කරපු සමාජසේවා කටයුතු ගැන විස්තර ලබාගෙන සමීක්ෂණයකින් අනතුරුව මට මේ සම්මානය ලබාදෙන්න තීරණය කරලා තිබුණා.

මිෂෙල් නිරන්තරයෙන් සමාජසේවා කටයුතු කරන කෙනෙක්නේ. ඒ පිටුපස තිබ්බේ මේ වගේ බලාපොරොත්තුවක්ද?

නැහැ. කිසිසේත්ම බලාපොරොත්තුවක් නෑ. මේ සම්මානය ලැබෙද්දී මට හිතාගන්න බැරි වුණා. මම කලා ක්ෂේත්‍රයටත් එන්න කලින් ඉඳලම තමයි සමාජ සේවා වැඩකටයුතු කරන්නේ. මට ඒ වැඩකටයුතුවලින් ජනප්‍රිය වෙන්නවත් සම්මානනීය වෙන්නවත් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. මම පුළුවන් විදියට සමාජසේවා වැඩකටයුතු කළා. ඉදිරියටත් කිසිම බලාපොරොත්තුවක් නැතිව ඒ කටයුතු ඉෂ්ට කරනවා.

මිෂෙල්ට පුංචි තිරයේ වැඩ ජයයි නේද?

දැනට මම සම්බන්ධ වෙන 'පූරි' 'කන්තෝරු මෝරු' සහ ඛ්පඪථඥ ඉජඥදඥ කියන නාට්‍ය තුන විකාශය වෙනවා. ඊට අමතරව ප්‍රියන්ත සමරකෝන් මහත්මයා අධ්‍යක්ෂණය කරන 'අනුලා දේවි' නාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා.

එක රාමුවකට සීමා නොවී පිට පනින්න මිෂෙල්ට අවස්ථාව ලැබුණා නේද?

මාව ගොඩක් අය හඳුනාගත්තේ සල්සපුනා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරී විදියට. මම කරපු හැම නිර්මාණයකම මට වෙනස් වෙනස් චරිත කරන්න ලැබුණා. මම කරපු චරිත එක්ක බලද්දී 'පූරී' නාට්‍යයේ මාලීගේ චරිතය වුණත් මාව වෙනස් චරිතයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට ගෙනත් තියෙනවා. එක රාමුවකට සීමා නොවී වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැන මට සතුටුයි.

වෙනස් චරිතවලින් පේන්න ඉන්න තරම් මිෂෙල් තෝරා ගැනීම් කරනවාද?

ඇත්තටම මට ලැබෙන චරිතය කරන්න පුළුවන් චරිතයක්ද, එයින් සමාජයට මොන වගේ දෙයක්ද වෙන්නේ කියන දේ ගැන මම හිතනවා. හොඳ නිර්මාණයක් නම් මම ඒකට සම්බන්ධ වෙනවා.

මිෂෙල්ට දැන් කලා ක්ෂේත්‍රයේ ලැබිලා තියෙන තැන ගැන සතුටුද?

ඔව්. මේ වෙලාවේ මම අනෝජා වීරසිංහ මහත්මියට සහ දමයන්ති ෆොන්සේකා මහත්මියට ස්තුතිවන්ත වෙනවා. මම කලාවේ මෙච්චර දුරක් ආවේ ඔවුන් නිසා. ඊට පස්සේ සුසිල ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියටත් නාලන් මෙන්ඩිස් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන්ගේ නාට්‍යයකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. මාලනී විජේසිංහ මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා.

මිෂෙල් වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

ඔව්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්.

ලංකාවේ කලාව තුළ තිබෙන වෘත්තීයමය මට්ටම ගැන සතුටු වෙන්න පුළුවන්ද?

මට සතුටුයි. මම පොඩි කාලේ ඉඳන් රංගන ක්ෂේත්‍රයට ආසා කරපු ආදරය කරපු කෙනෙක්. මම ඒ ක්ෂේත්‍රයේ පුළුවන් තරම් හොඳ තැනකට යන්න උපරිම උත්සාහ කරනවා.

මේ දවස්වල සිනමාවෙනුත් දකින්න ලැබෙනවා. සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

මම උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. තවත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මිෂෙල්ගේ රංගන ජීවිතය ඇතුළේ සම්මානනීය බලාපොරොත්තුත් ඇති.

මම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නෑ. මම මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා. මම ඒ චරිතවලට සාධාරණයක් කළොත් ඇගයීම් ලැබෙයි. ඒත් මම ඒ ගැන හිතේ තියාගෙන රඟපාන්නේ නැහැ.

තිළීණි
කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon