යුරෝපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුරෝපය
Europe (orthographic projection).svg
භූමිප්‍රමාණය 10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය 731,000,000 (2009, 3 වැනියා)
ජනගහණ ඝණත්වය 70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමය යුරෝපීය
රටවල් 50 (රටවල් ලැයිස්තුව)
භාෂා List of languages
වේලා කලාප UTC සිට UTC+5 දක්වා
අන්තර්ජාලය TLD .eu (යුරෝපා සංගමය)
විශාලතම නගර List of cities

යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි[1]. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. National Geographic Atlas of the World (7th සංස්.). Washington, DC: National Geographic. 1999. ISBN 0-7922-7528-4.  "Europe" (pp. 68-9); "Asia" (pp. 90-1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපය&oldid=415855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි