වීරයා ගෙදර ඇවිත් සුමති සම්මාන දිනාගනී

අප්‍රේල් 1, 2021

ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාව ඇගයීම සඳහා පමණක් නොව රූපවාහිනී ක්ෂේත්‍රයේ නියැළෙන සෑම නිර්මාණකරුවෙක්ම තමන්ගේ නිර්මාණ උදෙසා ඇගයීම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ' පුංචි තිරයේ මහා කලා මංගල්‍යය' සුමති සම්මාන උළෙල විසි පස්වන වරටත් පසුගිය 26වෙනි සිකුරාදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ගෝලීය වසංගත තත්වය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතී රීතී අනූව 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල කල් දැමීමට සිදු වුණත් එම වසරේ නිර්මාණ ඇගයීමට ලක් කිරීමට සුමති සම්මාන කමිටුව තීරණය කර තිබුණි.

සම්මාන උළෙලේදී රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම තිරයේ දිග හැරෙන සියලු නිර්මාණයන් සාර්ථක නිර්මාණයන් බවට පත් කිරීමට තිරය පිටුපස සිටිමින් මහඟු දායකත්වයක් ලබා දෙන කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂණය, වාර්තාකරණය, ගවේෂණශීලී වාර්තාකරණය, රූපවාහිනී නිවේදක, වෙළඳ දැන්වීම් යන පුළුල් පරාසයන් ඔස්සේ සම්මාන වර්ග 60කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණයන්හි ගුණාත්මකබව අගයමින් පිරිනමන ලදී.

ඉතා දියුණු තාක්ෂණික ලෝකයක් සමඟ පෙරට යන නිර්මාණකරණය රූපවාහිනිය අබිබවමින් සමාජ මාධ්‍ය හරහා ඉතා ශීඝ්‍ර ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් පවති. ඒ හේතුවෙන් 25 වන සුමති සම්මාන උළෙලේදී තෝරාගනු ලැබූ ප්‍රධාන අංශයන් කිහිපයක් නියෝජනය වන පරිදි සමාජ මාධ්‍ය ඇගයීමට ලක් කරමින් මෙවර සම්මානයන් පිරිනැමුණා.

ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකාවල 2019 ජනවාරී මස 01දා සිට දෙසැම්බර් 31 දක්වා විකාශය වූ ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලි නාට්‍යයන්ද විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ වැඩසටහන්ද නැරඹූ උසස් කලා රසඥතාවයෙන් හා සෞන්දර්යාත්මක හා තාක්ෂණික ඥානයෙන් පිරිපුන් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මානය පිළිබඳ තීරණ ගන්නා ලදි. ඒ අනූව සම්මානලාභීහු මෙසේ වෙත්. 

හොඳම ටෙලි නාට්‍ය (ප්‍රසංගික)
වීරයා ගෙදර ඇවිත් -
ආනන්ද අබේනායක /
ෆාහිම් මවුජූඩ්
(ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය (ඒකාංගික)
පවිත්‍රානිගේ ප්‍රේමය - අතුල පීරිස් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ආනන්ද අබේනායක - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය))

හොඳම ටෙලි නාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර -
(චාමර කුලරත්න) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය නිළිය
සමනලී ෆොන්සේකා - (ඩෝරා) අඩෝ (සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා
කළණ ගුණසේකර - (සඳුන්) අඩෝ (සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය
චාන්දනී සෙනෙවිරත්න -(මල්කාන්ති) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
සංජය මුරමුදලි (සඳරා) - අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
මිෂෙල් දිල්හාරා (අයෝමා) - සුදු ඇඳගෙන කළු ඇවිදින්
(ජාතික රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය
තුසිත අනුරාධ - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය
අනූෂ සංජීව ජයවර්ධන - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ
පියතිස්ස අකුරම්බොඩ - රන් බැඳී මිනිස්සු (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය 
තිර රචක

නාමල් ජයසිංහ - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය
සංගීත අධ්‍යක්ෂ

ලහිරු මාඩිවිල - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය
මණ්ඩික සංජිත දිල්පහන් - දෙරණ සරණ සුබ සිරි මංගලසිරි - රාවණා (දෙරණ රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය ගායනය
දුමාල් වර්ණකුලසූරිය -
“අරුමැසි ආදරේ” - සක්කාරං
(සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය රචනය
බුවනෙක රණවක -
රාවණා (දෙරණ රූපවාහිනිය)

හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන
Now Showing - ඉනෝකා ප්‍රේමවර්ධන (සිරස ටීවී)

හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන් වැඩසටහන - Acoustic Unlimited -
ජනජීව වේහැල්ල
(ස්වාධීන රූපවාහිනිය)
 
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
අසිරිමත් හෝටන්තැන්න -
පූජිත දසනායක
(ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
කුරුල්ලන්ට ගී - මාලතී වීරසිංහ (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

Knowledge first - 
Safety first

ජානක සුජීව ජයගොඩ
(ජාතික රූපවාහිනිය)

හොඳම ක්‍රීඩා වැඩසටහන Behind the boundary -
යෙනුක දසනායක
(ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන
දිවිය දිනන බිසෝවරු -
අමිත් ප්‍රියන්ජිත් (ශ්‍රද්ධා රූපවාහිනී)

හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන
හඬා වැටුණු 21 -
ගයාන් බුද්ධික ඇල්ලේගොඩ (ස්වාධීන රූපවාහිනී)

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන
චන්දන සූරියබණ්ඩාර
රසික සුරවීර ආරච්චි

කුසලතා සම්මාන
දනංජි තාරුකා - සුසුමක ඉම (ස්වාධීන රූපවාහිනී)
වොල්ගා කල්පනී - හුස්ම වැටෙන මල් (ස්වාධීන රූපවාහිනී)
කණිෂ්ක සේවියර් - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනී)
සරත් චන්ද්‍රසිරි - අඩෝ (සිරස ටීවී)
සද්ධාමංගල සූරියබණ්ඩාර - අමුතු රසිකයා (ජාතික රූපවාහිනී)

හොඳම රූපවාහිනි පූරක
වත්සලා සමරකෝන් -
සුහානී රාත් (ජාතික රූපවාහිනී)

වසරේ ළමා තරුව
අකිඳු මෙනුජ බණ්ඩාර -
වීරයා ගෙදර ඇවිත්
(ජාතික රූපවාහිනි )

හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක
චතුර රුක්ෂාන් කොඩිතුවක්කු
(ටීවී දෙරණ)
දිනූශි ධීරසිංහ
(ස්වාධීන රූපවාහිනී)
චවිකා ගුණසේකර (ස්වර්ණවාහිනී)

හොඳම රූපවාහිනී ගවේෂණශීලි ප්‍රවෘත්ති වාර්තාකරණය
උකුස්සා - ජිනේන්ද්‍ර රන්සිරි
(ටීවී දෙරණ)
නිට්ටෑවන් ගැන ජනප්‍රවාද -
ප්‍රසාද් රූපසිංහ (ස්වර්ණවාහිනී)

හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය
උදශාන් ඉඩමේගෙදර -
ශබ්ද දූෂණය සිදු කරන ලංකාවේ බස් නලා (සියත ටීවී)
ආර්.ඒ. දුෂාන්ත දර්ශන - හිතකාමී මීමැස්සෝ (ස්වාධීන රූපවාහිනි)

හොඳම රූපවාහිනී 3D Animation ග්‍රැෆික් සජීවිකරණය
ඩී.ඒ. දිනේෂ් නයනජිත් -
නිදහස 71
විකුම් සමින්ද ප්‍රනාන්දු -
සිරස ටීවි අවුරුදු
එරන්ද උදාන්ත -
Band the band
(ස්වාධීන රූපවාහිනී)

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා
සජිත අනුත්තර

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය
සෙනාලි ෆොන්සේකා

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය
තාදී (ස්වාධීන රූපවාහිනී)
 

Digital social media Awards 
National interests

(ජාතික අවශ්‍යතා/ වැදගත්කමකින් යුතු)
- Derana plus Current Affairs (කාලීන සිදුවීම්) Truth with Chamuditha

CS (සමාජ සුබසාධන ව්‍යාපෘති) - මනුසත් දෙරණ 
Education ( අධ්‍යාපන) - 
හරින්ද්‍ර ජයලාල් 
Entertainment (විනෝදාත්මක) - ලකයි සිකයි

තිළිණි රාජපතිරණ